Friday 19th of June 2026

English Tamil
Advertiesment


සමෘද්ධිය ගැන රජය මීට වඩා සංවේදී විය යුතුයි 


2023-10-09 14897

 

COVID-19 කාලයේ ගොතා 5000 බැගින් බෙදුවේ සමෘද්ධියේ සල්ලි   

 

එම මුදලින් යළි පියවා ඇත්තේ සුළු කොටසයි 

 

"අස්වැසුම" ප්‍රායෝගික නැහැ 

 

සමෘද්ධියේ ආයෝජනය සහ ඉතිරි කිරීම් රුපියල් බිලියන ගණනක් ඇති බවත්, COVID-19 වසංගතය සමයේ රුපියල් 5000 බැගින් වන දීමනාව ලබාදීමට කටයුතු කර තිබුණේ එම මුදලින් බවත්, එහෙත් එම මුදලින් යළි පියවා ඇත්තේ කොටසක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කර සිටියි. 

මෙම රජය හඳුන්වා දුන් අස්වැසුම වැඩ සටහන නිවැරදි දත්ත මත පදනම් නොවීම හේතුවෙන් ප්‍රායෝගික නොවූ වැඩ සටහනක් බවට පත්ව ඇති බවත්, ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර, දරිද්‍රතා රේඛාව හඳුනා නොගෙන, සිතැඟි පරිදි තෝරා ගත් පුද්ගලයින් කොටසකට ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් බෙදා ඇති බවත් ඒ හේතුවෙන් සැබවින්ම ආධාරයක් අවශ්‍යය පිරිස සවි බල ගැන්වීමකට ලක් නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

එහෙත් සමෘද්ධි වැඩ සටහන මීට වඩා වෙනස් ක්‍රමවේදයක ක්‍රියාත්මක වූවක් බව කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා, එමගින් අතදීමක් අවැසි ජනතාවට, සමාජ ආරක්ෂණයක්, සුරක්ෂිතභාවයක් සේම සවි බල ගැන්වීමක් සිදුවූ බවත් කියා සිටියි.

එම ක්‍රියාවලිය 100% ක් අංග සම්පූර්ණ නොවූවත්, 1994 සිට මේ වන තෙක් විශාල මුදලක් තැන්පතු ලෙස එක්රැස්ව ඇති බවත්, එම මුදල්වල අයිතිය එම ප්‍රතිලාභීන් සතුවීම හරහා ගොඩනැගුණු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයෙන් මිදීමට සමෘද්ධි ප්‍රතිලාභීන් කැමති නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ හේතුවෙන් ජනතාවගේ විශ්වාසය රැදී ඇති සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ මීට වඩා සංවේදීව රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටින අතර ඔහු මේ බව කියා සිටියි. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment